Tuesday, April 6, 2021

 වසර 24ක් පැවැති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලී




ම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දීපව්‍යාප්තව සිදු කෙරෙන ව්රෝධතාවයේ 3 වන අදියර අද බදුල්ල ඌව පළාත් සභාව ඉදිරිපිට අද(06)  පැවැත් වුණි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අසනීප නීවාඩු වාර්ථා කර පෙරවරුවේ දී පා ගමනකින් ඌව පළාත් සභා ඉදිරිපිට පැමිණ විරෝධතාවය සිදු කළ අතර මේ හේතුවෙන් බදුල්ල නගරයේ රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වුණි

මේ පිළිබදව අදහස් දැක් වූ ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා

"මේ ආණ්ඩුව බලයට එනකොට සෞභාග්‍ය දැක්මෙන් පොරොන්දු වුණා මේ ප්‍රශ්නේ විසදනවා කියලා.ඒ වගේම පොරොන්දු උනා අයවැය වලදී විසදනවා කියලා පාර්ලිමේන්තුවේදී ජී.එල් පීරිස් ඇමැති වරයා පොරොන්දු උනා විසදනවා කියලා ඒ නමුත් ඒ විසදුම් ලබා දීම අසමත් වෙලා තියෙනවා ගුරු විෂමතා වැටුප් නොවිසදනවා විතරක් නෙවේ මේ වෙනකොට මුලු මහත් අධ්‍යාපනය පද්ධතිය විනාශ කරන්න විවිධ තීන්දු තීරණ ගනිමින් සිටිනවා.4600ක් වැඩ බලන   සහ වැඩ ආවරණය  කරන විදුහල්පතිවරුන්ට පත්වීම් ලබාදීමට සූදානම් වෙලා ඉන්නවා.300ක් අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගන්න සූදානම් වෙලා ඉන්නවා විතරක් නෙවේ හොර පාරෙන් පත්වීම් දීලා අධ්‍යාපන පද්ධතිය විනාශ කරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා"

අදහස් දැක්වූ ලංකා ගුරුසංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලීන් මහතා

"ගුරුවරු විදුහල්පතිවරු මේ වන විට මුහුණ දීලා තියෙන ගැටලුවලට වහාම විසදුම් දෙන්න.
ආණ්ඩුව මේ වෙනකොට කිසිදු අවදානයක් යොමු කරලා නෑ සම්පූර්ණයෙන් බොරු කියන්නේ ජී.එල් පීරිස් ඇමැති වරයා අපිට කිවුවා අතුරු දීමනාවක් දෙනවා කියලා දැං කිසිදෙයක් නෑ ආණ්ඩුවේ හෙංචයියෝ දාලා බොරු කමිටු දාලා මේ රටේ විදුහල්පති ගුරුවරු රවට්ටනවා"

මෙම හේතුවෙන් බදුල්ල ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපන කටයුතු මුලුමනින්ම අඩාල වී ඇති බව පාසල් වෙත පැමිණි ළමුන්ගේ දෙමව්පියන් පවසයි.

4 Attachments
 
 

Wednesday, November 25, 2020

 


පස්සර එකම පවුලේ 6 දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇත


පස්සර කනවැරල්ල ප්‍රදේශයේ එකම පවුලේ 6 දෙනෙකුට කොරෝනා රෝගය ආසාධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ නිළධාරීන් සදහන් කරයි.

කොළඹ ප්‍රදේශයේ සිට පස්සර කනවැරල්ල වත්ත තම පදිංචි නිවසට පැමිණි පුදගලයෙකු පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් විසින් දින 14ක් ස්වයං නිරෝධානයට ලක් කිරීමෙන් පසු එම පවුලේ සියලු දෙනාගේ සිදු කර ඇති පීසීආර් පරීක්ෂනයකින් කොරෝනා රෝගය වැලදී ඇති බව තහවුරු වී ඇත.

එම නිවසේ සිටි ගෘහමූලිකයා  ඔහුගේ මව,බිරිද, පුතුන් දෙදෙනා,දියණිය සහ ඔහුගේ නෑනා යන අයට කොරෝනා රෝගය වැලදී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සදහන් කරයි.
ඔවුන්ගේ පලමු ආශ්‍රිතයන් සොයා මේවන විට සෞඛ්‍ය අංශ නිළධාරීන් විමර්ෂන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි


Sunday, November 22, 2020

 


බදුල්ල මහ රෝහලට රෝගීන් බැලීමට යාම දින 03 එක් වරක් සීමා කිරීම නිසා ජනතාව අසීරුතාවයක.



බදුල්ල මහරෝහලේ නේවාසික රෝගීන් බැලීමට යාම සදහා ලබාදෙන අවසර පත්‍රය දින 03 කට එක්වරක් පමණක් සීමා කිරීම හේතුවෙන් ඌව පළාතේ ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව වාර්ථාවේ.

ඌව පළාතේ නොයෙකුත් ප්‍රදේශවලින් රෝගීන් බැලීමට බදුල්ල මහ රෝහලට ජනතාව පැමිනෙන අතර නේවාසිකව ප්‍රතිකාර ලබන තම රෝගියාට ආහාර පාන,ඇදුම් සහ ඔවුන්ට අවශ්‍ය දෑ ලබාදීමටවත් නොහැකි බව රෝගීන් බැලීමට එන ජනතාව පවසයි.

මේ පිළිබදව බදුල්ල මහ රොහලේ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගෙන් විමසූ විට පවසා සිටියේ  පවතින කොරෝනා වසංගතය තත්වය මැඩපැවත්වීමට රෝහල් කමිටුව විසින් ගත් තීරණයක් බවත් එයින් ජනතාවට වන අපහසු තාවය පිළිබදව කණගාටුව ප්‍රකාශ කර සිටින බව  පවසා සිටියහ.

රොහල් බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටින්නේ දිනකට එක් පුද්ගලයෙක්ට එකවරක් පමණක් හෝ රෝගියා බැලීමට යාමට අවසර ලබා දෙන ලෙසයි..

 



බදුල්ල හාලිඇල ප්‍රධාන මාර්ගයේ බෝගහමඩිත්ත ප්‍රදේශයේ නිසිඅවසරයකින් තොරව දමා ඇති සුරාසැලක් වසා දමන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව  සාමකාමී උද්ඝෝෂණයක් සිදු කෙරුණි.

හාලිඇල ප්‍රාදේශීය සභාවාරයේදී මෙම සුරාසැල විවෘත කිරීමේ යෝජනාව ඉදිරිපත් වී තිබූ අතර එහිදී  චන්ද විමසුමකදි බහුතරයක් මන්ත්‍රීවරුන් එම යෝජනාවට විරුද්ධව චන්දය ප්‍රකාශ කළ ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ කාදර් රාසිකීන් මන්ත්‍රීවරයා පක්ෂව චන්දය පාවිච්ච් කර ඇති බව වාර්ථා වේ.

හාලිඇල ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව සභා ලේකම්ගේ අත්සනින් මෙම සුරාසැල විවෘත කිරීමට අවසර ලබා දී තිබෙන බවට එම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සුසන්ත සිල්වා මහතා ප්‍රකාශ කළ සිටියහ.

කිරින්ද පන්සලේ විහාරාධ්පති පූජ්‍ය මහකුඹුරේ පදුසිරි හිමියන් ඇතුලු අනෙකුත් සංඝරත්නය ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු මෙම විරෝධතාවයේදී ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ සතර දෙසින් පූජනීය ස්ථාන පිහිටා ඇති මෙම ප්‍රදේශයට සුරාසැලක් අවශ්‍ය නොවන බැවින් බලධාරීන් වහා එය ඉවත් කර දෙන ලෙසයි.දින 7ක් තුළ එය ඉවත් කර නොගත්තේ නම් ඉදිරියේදී කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයද අවහිර කර දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කරන බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසා සිටියහ.


Tuesday, November 10, 2020

 


කොරෝනා ආසාදිත මුස්ලිම් දේහයන් භූමිදාන කිරීම ගැන තීරණයක් ගැනීමට සැරසෙයි




කොරෝනා වෛරසය ආසාදිතව මියයන මුස්ලිම් ජාතිතයින්ගේ දේහයන් මිහිදන් කළ හැකි දැයි යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් සොයා බලමින් සිටිනවා.

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රී මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් අරගලයක නිරතව සිටිනවා.

එහිදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ මුස්ලිම් ජාතිකයින් ජීවත් වන ප‍්‍රදේශවල ඇති වියළි භූමි තුළ මෙම දේහයන් මිහිදන් කළ හැකිද යන්න පිළිබඳවයි.

ඒ අනුව භූ ගත ජල මට්ටම ඉතා අවම ප‍්‍රදේශ තෝරා ගනිමින් ඒවායේ මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් මිහිදන් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමට නියමිතයි.

ඒ සඳහා විදෙස් රටවල් අනුගමනය කරන කි‍්‍රයාමාර්ග කෙරෙහි ද සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි සඳහන්.

කෙසේවෙතත්, ඇතැම් මුස්ලිම් සංවිධාන මෙන්ම සමාජ මාධ්‍ය ද, අද දිනයේ වාර්තා කර තිබුණේ කොරෝනා ආසාදිතව මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර දී ඇති බවයි.

ආණ්ඩුව විසින් මෙතෙක් එවැනි කිසිඳු තීරණයක් ගෙන නොමැති බව මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදි ආණ්ඩුවට සම්බන්ධ ප‍්‍රභල කැබිනට් අමාත්‍යවරයෙකු අවධාරණය කළා.


 

පැමිණි ආසාදිතයා නිසා මනාල යුවළ නිරෝධායනයේ

  • 0
    Shares

.


බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බැවින් මනාල යුවල ඇතුළු එම උත්සවයට සහභාගී වූ පවුල් කිහිපයක් අද (10) නිරෝධායනයට යොමුකර ඇත. මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය සඳහන් කරනවා.

මීට දින 10කට පමණ පෙරදී මංගල උත්සවය පවත්වා ඇති අතර උත්සවය සඳහා පුද්ගලයන් 40ක් 50ක් අතර පිරිසක් සහභාගී වී ඇති බවට සොයාගෙන ඇත.

මෙලෙස කොවිඩ් ආසාදිතව ඇත්තේ මනාල මහතාගේ මිල්ලනිය ප්‍රදේශයේ සහෝදරයකු වන අතර 9වනදා ඔහු ආසදිතයකු බව සොයාගෙන තිබේ

 

කොවිඩ් මරණය 04ක් වාර්තා වෙයි : මුළු මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළට

Sunday, November 8, 2020


 කොරෝනා ආසාදිතව මරණයට පත්වේ යැයි පැවති බිය හේතුවෙන් පසුගියදා නාගොඩ රෝහල් කාර්ය මණ්ඩලය ප‍්‍රවාහනය සිදුකළ ලංගම බස් රථයේ රියැදුරු ඊයේ (08 දා) අලූයම තම නිවස ඉදිරිපිට මාර්ගය අසල රබර් ගසක ගෙළ වැලලාගෙන මියගොස් තිබේ.


මෙසේ මියගොස් ඇත්තේ ගොඩඋඩහේන, යටියන, අගලවත්ත පදිංචි බී. වී. සරදියල් නමැති 56 හැවිරිදි කළුතර ලංගම ඩිපෝවේ රියැදුරෙකු වූ දෙදරු පියෙකි.

ඔහුගේ පුතා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන අතර දියණිය අධ්‍යාපනය හදාරමින් සිටී.

ඊයේ (08 දා) සවස සිද්ධිය වූ ස්ථානයේදී මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. සිද්ධිය පිළිබඳව මියගිය අයගේ බිරිඳ මෙසේ පැවසීය.

මහත්තයා හැමදාම උදේ පහට නැගිටිනවා. අදත් උදේ බලනකොට දොර බාගෙට ඇරලා. හොයලා බලද්දී හිටියේ නෑ. පස්සේ යාළුවෙකුට කතා කරලා ඇහුවා එහෙ ආවද කියලා. මහ ගෙදරිනුත් ඇහුවා ඒ කොහෙවත් ගිහින් නෑ. හැම තිස්සේම කොරෝනා ගැන කියවනවා. බස් ඩ‍්‍රැයිවර්ලට හැදුන එකට බියෙන් හිටියේ. හෙට වැඩට යන්නත් බෑ කිව්වා. කලින් එයා ස්කූල් බස් එකේ වැඩ කළේ. කොරෝනා නිසා මතුගම ඉඳන් නාගොඩ රෝහලේ අයව අරන් ගියා. ඊයේ ආරංචි වුණා ඒ බස් එකේ කාටද කොරෝනා කියලා. මෙයා ඒකට බය වෙන්න ඇති.

සිද්ධිය පිළිබඳව මතුගම මූලස්ථාන පොලිස් පරීක්‍ෂක පරාක‍්‍රම උඩවත්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

Friday, November 6, 2020

 


දියණියන් සිව්දෙනාට වස පොවා 31 හැවිරිදි අම්මාත් වස බොයි.එක් දියණියක් මියයයි.අනිත් අයට අසාධ්‍යයි


පවුල් ආරවුලක් මත සිත්තැවුලට පත් කාන්තාවක් ඊයේ (06 දා) සිය දියණියන් සිව් දෙනාට ද වස පොවා ඇය ද වස පානය කර ඇති බවත් මෙම අය රෝහල්ගත කිරීමෙන් පසු වැඩිමහල් දියණිය මියගිය බවත් උප්පුවේලි පොලිසිය පවසයි.


ත‍්‍රිකුණාමලය ආනන්දපුරි ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන කෝවිලක ආවතේවකරුවකුගේ බිරිඳ මෙසේ සිය දරුවන්ට වස දී ඇය ද වස පානය කර තිබුණි. වස ශරීරගත වීම නිසා මෙසේ මිය ගොස් ඇත්තේ දහසය හැවිරිදි දැරියකි. වස පානය කළ දැරියන්ගේ මව වන 31 හැවිරිදි නිශාන්තන් නාගේෂ්වරි සහ වස ශරීරගතව සිටින සෙසු දියණියන් වන 12 හැවිරිදි, අට හැවිරිදි, දෙහැවිරිදි යන දියණියෝ අසාධ්‍ය තත්ත්වයෙන් ත‍්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබති.

විවාහ වී කිළිනොච්චියේ ස්ථිරව පදිංචි වී ඇති ස්වාමි පුරුෂයා උප්පුවේලි පොලිස් වසමට අයත් ආනන්දපුරි ප‍්‍රදේශයේ කෝවිලක ආවතේවකරුවකු වශයෙන් සේවය කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි. කෝවිලේ ආගමික කටයුතු සඳහා ආනන්දපුරි ප‍්‍රදේශයේ රැඳී සිටීමට ස්වාමිපුරුෂයා ගත් තීරණය සම්බන්ධයෙන් බිරිඳ දරුවන් සමග පැමිණ විමසා ඇති බවත් එහිදී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලින් ආනාවරණය වී තිබේ. උප්පුවේලි පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. 

 


බදුල්ලේ අයාලේ යන ගවයින් නිසා රියදුරන් පීඩාවට






බදුල්ල  ප්‍රදේශයේ  ප්‍රධාන මාර්ග අවහිර කරමින් අයාලේ යන ගව රංචු නිසාවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවන බව රියදුරන් සහ ප්‍රදේශවාසීන් පවසයි.

බදුල්ල සහ ඒ අවට දහවල් කාලයේ පැමිණෙන මෙම ගවයින් රංචු වශයෙන් මාර්ගයේ තැනින් තැන අවහිර වන ආකාරයට අයාලේ යාම හේතුවෙන් බහුතරයක් ත්‍රීරෝද රථ රියදුරන්,යතුරුපැදිකරුවන් මග තොට අනතුරුවලට නිරන්තරයෙන් මුහුණ දෙන බව වාර්ථාවේ.

දිනකට මෙලෙස ප්‍රධාන මාර්ග වෙත ස්ථාන කිහිපයකින් ගවයින් විශාල සංඛාවක් දැක ගත හැකිය.ඒ අනුව බදුල්ල  මහියංගණ ප්‍රධාන මාර්ගය,බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය සහ අනෙකුත් අතුරු මාර්ග නිරන්තරයෙන් මෙම ගවයින් අවහිර කරමින් ගමන් කරන බව ප්‍රදේශවාසීන් පවසයි.

පොලීසිය විසින් මෙසේ අයාලේ යන ගවයින්ගේ අයිතිකරුවන්ට එරෙහිව කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසාවෙන් මේ වන විට ප්‍රධාන මාර්ග පද්ධතිය ගවයින්ගේ නිජබිමක් බවට පත් වී ඇති අතර නුදුරේදී මාරක රිය අනතුරු බහුලවීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සදහන් කරයි


  වසර 24ක් පැවැති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලී ම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දීපව්‍යාප්තව සිදු කෙරෙන ව්රෝධතාවයේ 3 වන...