Friday, November 6, 2020

 


දියණියන් සිව්දෙනාට වස පොවා 31 හැවිරිදි අම්මාත් වස බොයි.එක් දියණියක් මියයයි.අනිත් අයට අසාධ්‍යයි


පවුල් ආරවුලක් මත සිත්තැවුලට පත් කාන්තාවක් ඊයේ (06 දා) සිය දියණියන් සිව් දෙනාට ද වස පොවා ඇය ද වස පානය කර ඇති බවත් මෙම අය රෝහල්ගත කිරීමෙන් පසු වැඩිමහල් දියණිය මියගිය බවත් උප්පුවේලි පොලිසිය පවසයි.


ත‍්‍රිකුණාමලය ආනන්දපුරි ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන කෝවිලක ආවතේවකරුවකුගේ බිරිඳ මෙසේ සිය දරුවන්ට වස දී ඇය ද වස පානය කර තිබුණි. වස ශරීරගත වීම නිසා මෙසේ මිය ගොස් ඇත්තේ දහසය හැවිරිදි දැරියකි. වස පානය කළ දැරියන්ගේ මව වන 31 හැවිරිදි නිශාන්තන් නාගේෂ්වරි සහ වස ශරීරගතව සිටින සෙසු දියණියන් වන 12 හැවිරිදි, අට හැවිරිදි, දෙහැවිරිදි යන දියණියෝ අසාධ්‍ය තත්ත්වයෙන් ත‍්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබති.

විවාහ වී කිළිනොච්චියේ ස්ථිරව පදිංචි වී ඇති ස්වාමි පුරුෂයා උප්පුවේලි පොලිස් වසමට අයත් ආනන්දපුරි ප‍්‍රදේශයේ කෝවිලක ආවතේවකරුවකු වශයෙන් සේවය කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි. කෝවිලේ ආගමික කටයුතු සඳහා ආනන්දපුරි ප‍්‍රදේශයේ රැඳී සිටීමට ස්වාමිපුරුෂයා ගත් තීරණය සම්බන්ධයෙන් බිරිඳ දරුවන් සමග පැමිණ විමසා ඇති බවත් එහිදී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලින් ආනාවරණය වී තිබේ. උප්පුවේලි පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. 

No comments:

Post a Comment

  වසර 24ක් පැවැති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලී ම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දීපව්‍යාප්තව සිදු කෙරෙන ව්රෝධතාවයේ 3 වන...