Friday, November 6, 2020

 


බදුල්ලේ අයාලේ යන ගවයින් නිසා රියදුරන් පීඩාවට






බදුල්ල  ප්‍රදේශයේ  ප්‍රධාන මාර්ග අවහිර කරමින් අයාලේ යන ගව රංචු නිසාවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවන බව රියදුරන් සහ ප්‍රදේශවාසීන් පවසයි.

බදුල්ල සහ ඒ අවට දහවල් කාලයේ පැමිණෙන මෙම ගවයින් රංචු වශයෙන් මාර්ගයේ තැනින් තැන අවහිර වන ආකාරයට අයාලේ යාම හේතුවෙන් බහුතරයක් ත්‍රීරෝද රථ රියදුරන්,යතුරුපැදිකරුවන් මග තොට අනතුරුවලට නිරන්තරයෙන් මුහුණ දෙන බව වාර්ථාවේ.

දිනකට මෙලෙස ප්‍රධාන මාර්ග වෙත ස්ථාන කිහිපයකින් ගවයින් විශාල සංඛාවක් දැක ගත හැකිය.ඒ අනුව බදුල්ල  මහියංගණ ප්‍රධාන මාර්ගය,බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය සහ අනෙකුත් අතුරු මාර්ග නිරන්තරයෙන් මෙම ගවයින් අවහිර කරමින් ගමන් කරන බව ප්‍රදේශවාසීන් පවසයි.

පොලීසිය විසින් මෙසේ අයාලේ යන ගවයින්ගේ අයිතිකරුවන්ට එරෙහිව කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසාවෙන් මේ වන විට ප්‍රධාන මාර්ග පද්ධතිය ගවයින්ගේ නිජබිමක් බවට පත් වී ඇති අතර නුදුරේදී මාරක රිය අනතුරු බහුලවීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සදහන් කරයි


No comments:

Post a Comment

  වසර 24ක් පැවැති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලී ම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දීපව්‍යාප්තව සිදු කෙරෙන ව්රෝධතාවයේ 3 වන...