Friday, November 6, 2020

 

කොරෝනා වැලැක්වීමට ඌව ආණ්ඩුකාරවරයා සමග පැවැති සාකච්චාව




කොවිඩ්-19 රෝගය වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවර කර්යලයේදී පවත්වන ලදි.

මෙහිදී කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිරෝධායන නීති රීති අඩංගු චක්‍රලේඛය ඌව පළාත තුල තදින්ම ක්‍රියාත්මක කරන්නයි ආණ්ඩුකාරවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ

එමෙන්ම කැප්පෙටිපොළ හා බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයෙ වෙළඳ කටයුතු නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යොදාගනිමින් අවදානයෙන් තොර කලාපයක් ලෙස ඉදිරියට පවත්වා ගෙන යාම සදහා මෙම කලාපයට ඇතුළුවන සියළුම වෙළදුන්ගේ වාහන නිසි අයුරින් විශබීජ හරණයට ලක් කොට අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ නිර්දේශය අනිවාර්යයෙන් ලබාගත යුතු බවට නියෝග කර ඇත .එමෙන්ම මෙම නීති රීති අභිබවා යන්නන් හට දැඩි පියවර ගැනීමට පොලිස් නිළධාරින්ට ආණ්ඩුකාරවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

මෙම අවස්තාවට බදුල්ල දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා, බණ්ඩාරවෙල නගරාධිපති, ඌව පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාරවර ලේකම්, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරුන්, නියෝජ්‍ය පොලිස්පතිතුමන්, සෞඛ්‍ය අංශයේ අදාල බලධාරීන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් සහභාගී විය.

No comments:

Post a Comment

  වසර 24ක් පැවැති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලී ම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දීපව්‍යාප්තව සිදු කෙරෙන ව්රෝධතාවයේ 3 වන...