Tuesday, November 10, 2020

 


කොරෝනා ආසාදිත මුස්ලිම් දේහයන් භූමිදාන කිරීම ගැන තීරණයක් ගැනීමට සැරසෙයි




කොරෝනා වෛරසය ආසාදිතව මියයන මුස්ලිම් ජාතිතයින්ගේ දේහයන් මිහිදන් කළ හැකි දැයි යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් සොයා බලමින් සිටිනවා.

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රී මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් අරගලයක නිරතව සිටිනවා.

එහිදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ මුස්ලිම් ජාතිකයින් ජීවත් වන ප‍්‍රදේශවල ඇති වියළි භූමි තුළ මෙම දේහයන් මිහිදන් කළ හැකිද යන්න පිළිබඳවයි.

ඒ අනුව භූ ගත ජල මට්ටම ඉතා අවම ප‍්‍රදේශ තෝරා ගනිමින් ඒවායේ මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් මිහිදන් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමට නියමිතයි.

ඒ සඳහා විදෙස් රටවල් අනුගමනය කරන කි‍්‍රයාමාර්ග කෙරෙහි ද සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි සඳහන්.

කෙසේවෙතත්, ඇතැම් මුස්ලිම් සංවිධාන මෙන්ම සමාජ මාධ්‍ය ද, අද දිනයේ වාර්තා කර තිබුණේ කොරෝනා ආසාදිතව මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර දී ඇති බවයි.

ආණ්ඩුව විසින් මෙතෙක් එවැනි කිසිඳු තීරණයක් ගෙන නොමැති බව මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදි ආණ්ඩුවට සම්බන්ධ ප‍්‍රභල කැබිනට් අමාත්‍යවරයෙකු අවධාරණය කළා.

No comments:

Post a Comment

  වසර 24ක් පැවැති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලී ම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දීපව්‍යාප්තව සිදු කෙරෙන ව්රෝධතාවයේ 3 වන...