Sunday, November 22, 2020

 



බදුල්ල හාලිඇල ප්‍රධාන මාර්ගයේ බෝගහමඩිත්ත ප්‍රදේශයේ නිසිඅවසරයකින් තොරව දමා ඇති සුරාසැලක් වසා දමන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව  සාමකාමී උද්ඝෝෂණයක් සිදු කෙරුණි.

හාලිඇල ප්‍රාදේශීය සභාවාරයේදී මෙම සුරාසැල විවෘත කිරීමේ යෝජනාව ඉදිරිපත් වී තිබූ අතර එහිදී  චන්ද විමසුමකදි බහුතරයක් මන්ත්‍රීවරුන් එම යෝජනාවට විරුද්ධව චන්දය ප්‍රකාශ කළ ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ කාදර් රාසිකීන් මන්ත්‍රීවරයා පක්ෂව චන්දය පාවිච්ච් කර ඇති බව වාර්ථා වේ.

හාලිඇල ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව සභා ලේකම්ගේ අත්සනින් මෙම සුරාසැල විවෘත කිරීමට අවසර ලබා දී තිබෙන බවට එම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සුසන්ත සිල්වා මහතා ප්‍රකාශ කළ සිටියහ.

කිරින්ද පන්සලේ විහාරාධ්පති පූජ්‍ය මහකුඹුරේ පදුසිරි හිමියන් ඇතුලු අනෙකුත් සංඝරත්නය ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු මෙම විරෝධතාවයේදී ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ සතර දෙසින් පූජනීය ස්ථාන පිහිටා ඇති මෙම ප්‍රදේශයට සුරාසැලක් අවශ්‍ය නොවන බැවින් බලධාරීන් වහා එය ඉවත් කර දෙන ලෙසයි.දින 7ක් තුළ එය ඉවත් කර නොගත්තේ නම් ඉදිරියේදී කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයද අවහිර කර දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කරන බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසා සිටියහ.


No comments:

Post a Comment

  වසර 24ක් පැවැති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලී ම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දීපව්‍යාප්තව සිදු කෙරෙන ව්රෝධතාවයේ 3 වන...