Friday, November 6, 2020

 


බදුල්ල ගල්කන්ද ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා අසාධ්තයා

කොළඹ නාරහේන්පිට මැලේරියා මර්ධන ඒකකයේ සේවය  කර බදුල්ල ගල්කන්ද ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු නිරෝධානයට ලක් කරමින් සිටියදී කොරෝනා රෝගය වැලදි ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

වයස අවුරුදු 33 වන මෙම පුද්ගලයා පසුගිය 23 දින කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන  බස්රථයකින්  අලුයම 4 .00 ට බදුල්ල නගරයට පැමිණ ත්‍රරෝද රථයකින් ගල්කන්ද පදිංචි නිවස වෙත ගොස් ඇත.

මහජන සෞඛ්‍ය  පරීක්ෂක නිළධාරීන් විසින්  මෙම  පුද්ගලයා ඇතුලු පවුලේ සියලු දෙනා දින 14 ක ස්වයං නිරෝධානයට ලක් කිරීමෙන් පසු කොළඹ සිට පැමිණි පුද්ගලයාගේ සිදු කර ඇති පීසීආර් පරීක්ෂණයකින්  ඊයේ (05 )දින කොරෝනා රෝගය වැළදී ඇති බව බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සදහන් කරයි..

අසාධ්ත මෙම පුද්ගලයා කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් සොයා සෞඛ්‍ය අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පවසයි .එම නිවසේ පදිංචි අනෙක් පුද්ගලයින්ගේ පීසීආර් පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් වැඩි දුරටත් සදහන් කර සිටියහ.

                                          ජේ.එෆ් රිස්වාන්

No comments:

Post a Comment

  වසර 24ක් පැවැති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලී ම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දීපව්‍යාප්තව සිදු කෙරෙන ව්රෝධතාවයේ 3 වන...