Friday, November 6, 2020

මුඛ ආවරණ නොමැතිව බදුල්ල නගරයට පැමිණි පුද්ගලයින් පොලීසියට කොටුවෙයි






කොවීඩ් 19 වයිරසය පාලනය කිරීමේ පියවරක් ලෙස මුඛ ආවරණ නොමැතිව බදුල්ල නගරයට පැමිණෙන පුද්ගලයින් රැසක් බදුල්ල පොලීසිය සහ නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.

මුහුණු ආවරණ නොමැතිව නගරයට පිවිසෙන රියදුරන් වෙළදසැල් හිමියන් සහ ජනතාව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.මුඛ ආවරණ සෞඛාරක්ෂිතව නිවැරදිව පැලදීම පිළිබදව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් විසින් ජනතාවට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත..

ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ මහතාගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධ්කාරී වසන්ත කන්දේවත්ත මහතා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් බදුල්ල පොලීසියේ නිළධාරීන් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වැටලීම සිදු කර ඇති බව පොලීසිය පවසයි.


No comments:

Post a Comment

  වසර 24ක් පැවැති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලී ම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දීපව්‍යාප්තව සිදු කෙරෙන ව්රෝධතාවයේ 3 වන...