Friday, November 6, 2020

 

බදුල්ල ඉරිදා සතිපොළ වසා දමයි




කොවීඩ් 19 වයිරසය පාලනය කිරීමේ පියවරක් ලෙස බදුල්ල සතිපොළ තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව  බදුල්ල මහ නගර සභාවේ නගරාධ්පති ප්‍රියන්ත අමරසිරි මහතා පැවසීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ කොවීඩ් 19 අසාධ්තයින් වාර්ථාවූ ප්‍රදේශවල සතිපොළවල් වසා දැමීම හේතුවෙන් එම අසාධ්ත පුද්ගලයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් බදුල්ල සතිපොළ වෙත වෙළදාම් කිරීම සදහා පැමිණෙන නිසා මෙම පියවර ගැනීමට සිදු වූ බව නගරාධ්පතිවරයා පැවසූවේය.

වෙළන්දන්ට සහ පාරිභෝගිකයන්ට පීඩාවක් නොවන පරිදි සෞඛාරික්ෂිතව වෙනත් ස්ථානයක මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ වෙළදාම් කිරීම සදහා ලබා දීමට නියමිත බව නගරාධ්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියහ.

No comments:

Post a Comment

  වසර 24ක් පැවැති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලී ම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දීපව්‍යාප්තව සිදු කෙරෙන ව්රෝධතාවයේ 3 වන...