Friday, November 6, 2020



30වැනි කොවිඩ් මරණය - මෝදර ප්‍රදේශයේ තරුණයෙක් 

November 6, 2020   11:33 pm



ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 30වැනි කොවිඩ් -19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ දින මියගොස්  ඇති එම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකි.

මෙම මරණයට හේතුව ලෙස අදාළ රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

 

1 comment:

  වසර 24ක් පැවැති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලී ම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දීපව්‍යාප්තව සිදු කෙරෙන ව්රෝධතාවයේ 3 වන...