Friday, November 6, 2020



 හාලිඇල පොලීසිය හොර          හරක් අල්ලයි

හාලිඇල පොලීසිය විසින් නීතිවිරෝධී ගවයින් ප්‍රවාහන කළ ලොරියක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලීසියට ලද තොරතුරක් මත අද අලුයම 3 ට පමණ මෙම ලොරි රථය නවතා පරික්ෂා කිරීමේදී ගවයින් 20 දෙනෙකු සිටි බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවත් ලොරි රථයේ සිටි ගවයින් 14 දෙනෙකුට පමණක් බලපත්‍ර ලබා ගෙන ගවයින් 20 දෙනෙකු ප්‍රවාහනය කර ඇති බවත් ඒ අතර වසු පැටවුන් ද සිටින බව පොලීසිය පවසයි.

බලප්‍රත්‍ර නොමැතිව ප්‍රවාහණය කළ මෙම ගවයින් බදුල්ල ඝව ඝාතකාගාරය වෙත රැගෙන එන බව සැකකරුවන් පොලීසියට පවසා ඇත.

බලපත්‍ර නොමැතිව සතුන් ප්‍රවාහණය කිරීම, ව්‍යජ බලප්‍රත්‍ර ලග තබා ගැනීම, සහ පීඩාකාරී ආකාරයෙන් සතුන් පවාහනය කිරීම යන චෝදනා මත මොවුන්ට විරුද්ධව නීතී මගින් කටයුතු කිරීමට නියමිත බව පොලීසිය සදහන් කරයි.

ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිහ මහතාගේ බදුල්ල ජේෂ්ඨ පොලිස් අධ්කාරී වසන්ත කන්දේවත්ත සහකාර පොලිස් අධ්කාරී ප්‍රදීප් වීරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලීසියේ ස්ථානාධ්පති පොලිස් පරීක්ෂක ආර්.ඩී.ඒ ඩී කේ යල්කුඹුර මහතාගේ ඇතුලු පොලිස් නිළධාරීන් කණ්ඩායමක් මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව,පවසයි.


No comments:

Post a Comment

  වසර 24ක් පැවැති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලී ම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දීපව්‍යාප්තව සිදු කෙරෙන ව්රෝධතාවයේ 3 වන...